යාපනයේ තව ජැටියක් අලුත් වෙයි


(අංජුල මහික වීරරත්න)

යාපනය දිස්ත්‍රික්කයේ කුරිකට්ටුවාන් ජැටිය වැඩි දියුණු කිරීම සහ පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ කුරිකට්ටුවාන් ජැටිය වැඩි දියුණු කිරීම සහ පුනරුත්ථාපනය සඳහා 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම ප්‍රසම්පාදනය සඳහා ජාතික තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 5ක් ලැබී තිබේ. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව M/s RR Construction (Pvt) Ltd වෙත රුපියල් මිලියන 984.73 ක මුදලකට ( බදු රහිත) එම කොන්ත්‍රාත්තුව පිරිනැමිම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.