
(රොමේෂ් මධුෂංඛ)
යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක සේවයේ නිරතවන නිලධාරීහු අද (26) සිය සේවා කටයුතුවලින් ඉවත්ව විශ්වවිද්‍යාලය තුළ විරෝධතාවක නිරත වූහ.
කොරෝනා වයිරසය ව්‍යාප්තවෙමින් තිබූ පසුගිය කාලයේදී යාපනය විශ්වවිද්‍යාලය වසා තිබුණු අතර එම කාල සීමාව තුළදී එහි තිබූ උපකරණ රැසක් අස්ථාන ගතවීම පිළිබඳව ආරක්ෂක නිලධාරීන්ට චෝදනා එල්ල විය.
යාපනය විශ්වවිද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා තිබූ අමුද්‍රව්‍ය කිහිපයක්ද අස්ථානගතව ඇති හෙයින් එයට ආරක්ෂ නිලධාරීන් වගකිව යුතු බවට විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය චෝදනා කර ඇත.
විරෝධතාවයේ නිරත වූ ආරක්ෂක නිලධාරීන් පවසා සිටියේ, මාස 3 කට අධික කාලයක් වසා තිබූ යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක කටයුතු තමන් වගකීමෙන් කළ බවත්, තමන්ට එල්ල වන චෝදනා තරයේම ප්‍රතික්ෂේප කරන අතරම අදාළ සිදුවීම සමබන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කිරීමට පරිපාලන අංශ පියවර ගත යුතු බවත් ය.
විශ්වවිද්‍යාලයේ පරිපාලන නිලධාරීන් කිහිපදෙනෙකු ආරක්ෂක නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට පොරොන්දු වීමෙන් පසු ඔවුහු විරෝධතාව අවසන් කළහ.



