යාපනය නගර ශාලාව ඉදිකරන්න කෝටි 235 ක්


(දයාසීලී ලියනගේ)

යුද්ධයෙන් මුළුමනින්ම විනාශයට පත්වූ යාපනය නගරශාලාව මිලියන 2350 ක වියදමින් ඉදිකිරිමට මහනගර සභා හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පියවර ගෙන ඇත.

මෙම ගොඩනැගිල්ලට මේ මස 7 වැනිදා මුල්ගල තැබෙන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වේ.

වසර දෙකකින් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කෙරෙන බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.