(අංජුල මහික වීරරත්න)
යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පොහොර හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
යල කන්නයට අවශ්‍ය පොහොර සැපයුම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අද(6) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
යල කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සඳහා පවතින පොහොර අවශ්‍යතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර අපහසුතාවකින් සහ බාධාවකින් තොරව ගොවීන්ට යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට හැකි පරිසරය සකස් කර දිය යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.