(ඩයනා උදයංගනී)
මහපොළවේ යථාර්ථය තේරුම් නොගෙන ගන්නා තීන්දුතීරණවලට තමන් සහය නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
මෙය දේශපාලන ඩීල් හෝ ගේම් ගහන වේලාවක් නොවන බව කී මන්ත්‍රීවරයා මහපොළවේ යථාර්ථය තේරුම්ගෙන තීන්දු තීරණ ගන්නැයි ආණ්ඩු පක්‍ෂ හා විපක්‍ෂ දේශපාලන නායකයන්ගෙන් තමන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
එමෙන්ම මහජන නියෝජිතයන්ට පාරේ බැස යා නොහැකි තත්වයක් ඇති නොකරන්නැයි තමන් ඔවුන්ගෙන් ඉල්ලීමක් කරන බව මන්ත්‍රීවරයා කීවේය.