යතුරුපැදිය පොලිසිය භාරයට ගත්තැයි පොලිස් මුරපොළට පහරදීලා


(ඉන්දිකා  රාමනායක )

අපරීක්ෂාකාරී ලෙස පැදවූ යතුරුපැදියක්ම පොලිස් භාරයට ගත්තේ යැයි උරණව  එහි හිමිකරු  කිලිනොච්චි පරතන් හන්දියේ පිහිටි පොලිස් මුර පොළට පහරදී අලාභ හානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි 

පරන්තන් හංදිය පොලිස් මුරපොලේ  රාජකාරිය නිරත වීමේ සිටි පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයෙකු  ඊයේ (18) පස්වරුවේ එම මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් නවතා පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ යතුරුපැදියේ හිමිකරු යතුරුපැදිය දමා පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මාර්ගයේ අතහැර දමා ගිය යතුරු පැදිය පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් ගිලිනොච්චි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර,  යතුරු පැදිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර නිලධාරින් දෙදෙනා යළිත් මුර කුටිය වෙත ගමන් ගන්නා අවස්ථාවේ සැකකරු මුර කුටිය වෙත පැමිණ මුරකුටියට  පහර දී එයට අලාභ හානි සිදුකර මුරකුටිය  පෙරළාදමා ඇති බව පොලිසිය සඳහන් කරයි.