යතුරුපැදිකරු දුරකතන කණුවක ගැටී මරුට


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම ගැමුණු මාවත අසළ දුරකථන කණුවක යතුරුපැදියක් ගැටී එහි ගමන් ගත්තේ පැදිකරු මියගොස් පසු පැදිකරු බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (06) දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හංවැල්ල හේන්පිට අංක 33 / D / 3 හි පදිංචි  අමරසිංහ ආරච්චිලාගේ ප්‍රණීත් දිලීක්ෂණ නමැති (17) හැවිරිදි වෑදුම්කරුවකු බව පොලිසිය කියයි.

මෙම තරුණයා සිය මිතුරෙකු සමග යතුරු පැදියකින් හෝමාගම දෙස සිට අතුරුගිරිය දෙසට යමින් සිටියදී  ගැමුණු මාවත අසලදී යතුරු පැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකතන කණුවක ගැටී රිය අනතුර සිදුව තිබේ.

අනතුරින් පසුව මාර්ගයේ ගමන් ගත් කිහිප දෙනෙකු මේ බව දැක අනතුරට පත් පුද්ගලයින් දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැදිකරු මිය ගොස් තිබූ බව පොලිසිය කියයි.