(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
යතුරු පැදි සොරකම් කර ඒවා කොටස් කර අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙයවු ස්ථානයක් වටලා කැබලි කර තිබු යතුරු පැදියක් සමග සැකකරුවෙකු පුත්තලම මූලස්ථාන පොලිසිය අඩංගුවට ගෙන තිබුණි.
අදාල ස්ථානය ගෘහ භාණ්ඩ සැකසිමේ ස්ථානයක් ලෙසද පවත්වාගෙන යමින් එහි එක් කොටසක මෙලෙස සොරා ගන්නා ලද යතුරු පැදි ගලවා කොටස් කිරීම සිදුව ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව ඇත.
පුත්තලම මන්නාරම් මාර්ගයෙ 4 කනුව ප්‍රදේශයෙ තරුණයකුගේ ලක්ෂ හතරක් පමන වටිනා පල්සර් වර්ගයෙ යතුරු පැදියක් පනුගිය 11 දින රාත්‍රියෙ සොරා ගෙන තිබු බවත් ඒ සම්බන්ධව සිසිටිවි දර්ශන මගීන් සොරා ගත් සැකකරු හදුනා ගෙන ඔහු අල්ලා ගැනිමේන් පසු අදාල සැකකරු යතුරු පැදිය ලබා දුන් ස්ථානය තරුණයාගේ පිරිසක් එක්වි වටලා එහි තිබු යතුරු පැදිය හදුනා ගෙන තිබු බව කියයි.
අදාල ස්ථානයට පුත්තලම පොලිසියෙ නිළධාරීන් සමග ඇතුළු වි එය පරික්ෂා කිරීමේදි එහි 4 කණුව තරුණයාගේ යතුරු පැදිය ඒ වන විටත් කොටස් කර තිබු බව කියයි.
ඒ සමගම තවත් යතුරු පැදි 10 කට ආසන්න සංඛ්‍යාවක් ගලවා කොටස් කර තිබු බවත් එම ඇතැම් යතුරු පැදි වල අංක නම්බර් තහඩු පවා එම ස්ථාන වල තිබු බවත් එම යතුරු පැදි සොරා ගත් ඒවාද නැතිනම් කුමන හේතුන් මත මෙම ස්ථානයෙ කොටස් කර තිබේද යන්න පොලිස් පරික්ෂණ ආරම්භ වී ඇති බව පොලිස් නිළධාරීන් පවසයි.