(සුමිත් පොතුපිටිය)
යට ඇදුමේ සගවාගෙන කළුතර මහාධිකරණ පරිශ්‍රය තුලට දුම්කොල රැගෙන ආ පුද්ගලයෙකු අද දහවල් අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .
අලුත්ගම ,දර්ගා නගරය , වරාපිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.
කළුතර මහාධිකරණයේ ප්‍රධාන දොරටුවේ රාජකාරි යෙදීසිටී උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත යන නිලධාරීයාට සැකසිතී, සැකකරුව පරීක්ෂා කිරීමේදී සූක්ෂම ලෙස අසුරා ඇදසිටී යට ඇදුමේ සගවාගෙන තිබූ අගල් 15 ක් පමණ දිගැති දුම්කොල කැබලි දෙකක් සොයාගෙන ඇතැයි පොලිසිය කීය.
බන්ධනාගාරවල සිට කළුතර අධිකරණයට රැගෙන එන රැදවියන්ට ලබාදීමට එම දුම්කොල රැගෙනවිත් ඇති බවට සැක පලකරන බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි
මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි, ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත නයනප්‍රිය මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරික්ෂක ප්‍රියන්ත මහතා පරීක්ෂණ පවත්වති.

