
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන්සූරියආරච්චි)
මෝදර අලුත් මාවත එළිය හවුස් නගර සභා වැඩබිමේ තාප්පය අසල දමා ගොස් තිබූ විදේශීය රටකට නිෂ්පාදිත ජීව අත් බෝම්බ තොගයක් සොයාගත් බව මෝදර පොලිසිය කියයි.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරකට අනුව අත් බෝම්බ 10 ක් එලෙසසොයාගෙන ඇත.
එම බෝම්බ තොගය අතර වර්ග දෙකකින් යුත් බෝම්බ තිබූ බවත් එක් වර්ගයකින් බෝම්බ 7 ක් තවත් වර්ගයකින් බෝම්බ 3 ක් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මූල්‍ය සමාගමක් මගින් පරිත්‍යාග කරන ලද පාසල් බෑගයක් තුළ මෙම බෝම්බ තොගය තිබී ඇතැයි පොලිසිය කියයි.ෙඑම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කැඳවා සිදුකළ පරික්ෂාවේදී සියලුම බෝම්බ වල වටා ඔතා තිබෙන කොළ පැහැයෙන් යුත් මුද්‍රා දිරාපත්ව තිබූ බවත්, එම බෝම්බ තැනින් තැන මලකඩ බැඳී තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.
මෙය කිසියම් පුද්ගලයකු මෙම ස්ථානයට ගෙනත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

