මෝටර් රථය ඔයට වැටී කතක් ඇතුළු දෙකක් මරුට


(රවින්ද්‍ර ලියනගේ)

කාන්තාවක් හා පිරිමි පුද්ගලයකු ගමන් ගත් මෝටර් රථයක් කොස්වත්ත නාරවිල දි අද පෙරවරුවේදි රත්මල්ඹයට පෙරළිමෙන් කාන්තාවක සහ තවත් අයකු එම ස්ථානයේදිම මිය ගොස් ඇති බව හලාවත කොස්වත්ත පොලිසිය කියයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ දුන්කන්නාව මානිංගල පදිංචි චන්ද්‍රා නලින් කුමාරසිරි වික්‍රමසිංහ (38) හා දුන්කන්නාව බණ්ඩාරනායක පුර පදිංචි මිහිරි මහේෂිකා (41) යන දෙදෙනාය.

මියගිය මොවුන් දෙදෙනා ගමන්ගත් මෝටර් රථය සන්දානම්ගම පාරෙන් පැමිණ පන්සල අසලින් ඇති අතුරු මාර්ගය ඔස්සේ යමින් සිටියදි මෝටර් රථය මාර්ගයේ තිබු වලකට වැටි එක්වර අසල තිබු රත්මල්ඔයට උඩුකුරුව පෙරළි ගොස් ඇති බව පොලිසිය කියයි.

මෝටර් රථය ඹයට පෙරළි යාමෙන් පසු ගම්වාසින් වහා ඉදිරිපත් වි දෙදෙනා ගොඩටගත්තත් ඒ වන විටත් දෙදෙනාම මිය ගොස් සිටි බව පොලිසිය කියයි.

මියගිය පිරිමි පුද්ගලයා හා ඔහුගේ සමිපතම කාන්තාවක් මෝටර් රථයේ ගමන් කර ඇති බව පොලිසිය කියයි.