
(තිලිණි ද සිල්වා)
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලබන 31 වැනිදා පැවැත්වීමට නියමිත වාර්ෂික මහ සභා රැස්වීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය ඒ සම්බන්ධ පෙත්සමෙහි වගඋත්තරකරුවන්ට ලබන ඔක්තෝබර් 05 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.
නුවරඑළිය මෝටර් රථ ක්‍රීඩකයින්ගේ සමාජය විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත. මෙහි වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 29 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
මෙම පෙත්සම් ඒ.එච්.එම් නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩකයින්ගේ සංගමයේ අනුයුක්ත සාමාජිකයෙකු වශයෙන් නම් නොකිරීමෙන් තමාට අගතියක් සිදුවී ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩකයින්ගේ සංගමය මේ මාසයේ 31 වැනි දින පැවැත්වීමට නියමිත වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුක් කරන ලෙස ඉල්ලා පෙත්සම්කාර ක්‍රීඩා සමාජය මෙම රිට් පෙත්සම ගොනු කර ඇත.
පෙත්සම්කාර සංගමය වෙනුවෙන් නීතීඥ සංජය ෆොන්සේකා මහතාගේ උපදෙස් පරිදි නීතීඥ මෝක්ෂා ජයමාන්න සහ නීතීඥ කෞෂල්‍ය නවරත්න යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

