මෝටර් රථ අනතුරින් තුවාල ලැබූ වෛද්‍යවරයෙක් රෝහලට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වෛද්‍යවරයෙකු පැදවූ මෝටර් රථයක් පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී පෙරළී යාමෙන් වෛද්‍යවරයා රෝහල් ගත කළ බව පිළියන්දල පොලිසිය කියයි

සිදුවූ අනතුරින් වෙළඳසැල් දෙකක ඉදිරිපස  කොටසට බරපතල හානි සිදුවී ඇත

වෛද්‍යවරයා පිළියන්දල දෙස සිට කොළඹ දෙසට මෝටර් රථය ධාවනය කිරීමේදී මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැල් දෙක ඉදිරිපස කොටසේ ගැටී පෙරළි මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි

වෛද්‍යවරයා රෝහල් ගත කර ඇත්තේ එම අවස්ථාවේදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බව පොලිසිය කියයි

ඔහු පිළියන්දල දිසාරෝහල වෙත ඇතුලත් කර ඇත

අනතුරින් මෝටර් රථයට සහ වෙළඳසැල් දෙකේ ඉදිරිපස කොටසට බරපතළ අලාභ සිදුවී ඇත

පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි