නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලමින් මොස්කව් අගනුවරට රැස්වූ 1,400කට පිරිසක් රුසියානු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
වසර ගණනකට පසු උද්ඝෝෂණවලට එරෙහිව එල්ල වූ දරුණුම ප්‍රතිචාරය මෙය යැයි ද අත්අඩංගුවට ගැනීම්වලට විරෝධය පළ කරමින් මැතිවරණ හා මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය සඳහන් කළේය.
විරෝධතා ආරම්භ වූයේ සෙනසුරාදා (27) වන අතර එම විරෝධතාවලට 3,500කට වැඩි පිරිසක් සහභාගී වූ බව රුසියානු රජයේ නිල වාර්තා සඳහන් කළේය. රුසියානු විපක්ෂයේ මැතිවරණ අපේක්ෂකයන් බොහෝ පිරිසක් මේ වනවිට අත්අඩංගුවට පත්ව තිබෙන අතර ඊට විරෝධය පළ කරමින් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබිණි.
පොලිසිය බැටන් පොලුවලින් පහර දී තිබෙන අතර විරෝධතාවලට සහභාගී වූ ඇතැම් පිරිස් තුවාල ලැබූහ.
රුසියාවේ ජීවන තත්ත්වය මේ වනවිට පහත වැටී තිබෙන අතර එය එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ජනප්‍රියත්වයට ද බලපා තිබේ.
සැප්තැම්බරයේ පැවැත්වෙන නගර සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් සහ ආණ්ඩුව විවේචනය කරමින් පසුගිය සතියේදී ද විරෝධතාවක් පැවැත්විණි. ඊට සහභාගී වීම සඳහා 22,000කට ආසන්න පිරිසක් වීදිවලට පැමිණියහ.
එම විරෝධතාවලින් පසුව පොලිසිය සහ විමර්ශන කණ්ඩායම් විපක්ෂ ක්‍රියාකාරීන් රැසක් අත්අඩංගු-වට ගත්තේය. ක්‍රෙම්ලීනය විවේචනය කරන පිරිස අතර ප්‍රමුඛතම පුද්ගලයකු වන ඇලෙක්සි නවාල්නිද මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව සිටි. ඔහු විරෝධතා පවත්වන්නැයි විපක්ෂ ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටි අතර ඒ නිසා ඔහුට දින 30ක සිර දඬුවමක් නියම විය.
අසාත්මික තත්ත්වයක් හේතුවෙන් ඔහු අද රෝහල් ගතකර ඇති බවත් ඔහුගේ මාධ්‍ය ලේකම් පැවැසීය. අද පැවැති විරෝධතාවලට පෙර සහ පසුව ද විපක්ෂ අපේක්ෂකයෝ පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වූහ.
විරෝධතා නිරීක්ෂණය කරන ‘ඕ.වී.ඩී - ඉන්ෆෝ’ ඉරිදා දිනයේදී පමණක් 1,373ක් දෙනකු අත්අඩංගු-වට පත්ව ඇත.
2012 වසරේ පැවැති දැවැන්ත විරෝධතාවලින් පසුව මෙතරම් පිරිසක් එකවර අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව මෙය බව ද එම සංවිධානය සඳහන් කළේය. ව්ලැදිමීර් පුටින් 2012 වසරේ දී අගමැතිවරයා ලෙස ක්‍රෙම්ලීන්යට පැමිණීමට විරෝධය පළ කරමින් එම විරෝධතා පැවැත්විණි. එම විරෝධතාවලට දස දහස් ගණනක් සහභාගී වූහ.
පොලිසිය කටයුතු කළ ආකාරය හෙළා දකිමින් මොස්කව් නුවර ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඇතුළු බටහිර තානාපති කාර්යාල කිහිපයක් නිවේදන නිකුත් කර තිබිණි. සාමාකාමී අයුරින් පැවැති විරෝධතාවකට එරෙහිව පොලිසිය පියවර කිසිසේත්ම පිළිගත නොහැකි බව එම නිවේදනවල දැක්විණි.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055





