(රංජන් කස්තුරි)
මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යායතනයේ නිසි බලධරයා ලෙස ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පත් කර ඇත.
උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ඒ මහතාව පත්කරනු ලැබ තිබේ.
මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයේ පරිපාලන කටයුතුවල බරපතල ගැටලු මතුව ඇති බැවින් සහ එය සාමාන්‍ය තත්වයට නැවත පත්කිරීමට බලධාරීන් අපොහොසත්ව ඇති බැවින් එම ආයතනයේ අධ්‍යක්ෂ වෙනුවට නිසි බලධරයකු පත්කරන බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
සුනිල් ජයන්ත නවරත්න මහතා වසර ගණනාවක් රජයේ ඉහළ තනතුරු දැරූ නිලධාරියෙකි. ඔහු කලක් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.

