මොරටු පොලිසියෙන් සත්කාරයක්


(රේඛා තරංගනී ෆොන්සේකා)

කොවිඩ් වසංගත තත්වය හමුවේ සංචාරණ සීමා පැනවීමත් සමග මොරටුව නගරය  ද දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබුණා. ජනතාව නොගැවසීම හේතුවෙන් කුසගින්නේ සිටින වීදි සුනඛයන් හට ආහාර ලබා දීමට මොරටුව පොලිසිය කටයුතු කළේය.

එහිදී වෙළදපොළේ ව්‍යාපාරිකයකුගේ මුල්‍ය දායකත්වය ඇතුව පොලිස් නිළධාරීන්ගේ ද සහායෙන් මෙම කටයුත්ත සිදු කෙරිණි.

මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිශාන්ත ලොකුගේ මහතාගේ උපදෙස් පිට මොරටු පොලිස් නිලධාරීන් මෙම කටයුත්ත සංවිධානය කර තිබුණි.