මොනරුන් දඩයම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට


(  සිතුම් චතුරංග)


මන්නාරම, වෙඩිතලතිව්, සවාරිකුලම රක්ෂිතයේ මොනරු දඩයම් කළ පුද්ගලයින් දෙදෙනෙකු  අද (01) අලුයම  අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකා  නිලධාරීහු කියති.

නීති විරෝධී ගිනි අවියක් භාවිත කරමින් මොණරු දඩයම් කර ඇති අතර එලෙස දඩයම් කළ මොණරුන් හා ගිනි අවියද අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය. 


ප්‍රදේශයේ මොණර දඩයම සිදුවන බවට පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. 


නීති විරෝධී ගිනිඅවිය මෙරට නිශ්පාධිත කොටන තුවක්කුවක් වන අතර එයට යොදාගන්නා ගන්නා ඊයම් කැබලි 14 ක්ද වෙඩි සකස් කිරීමට උපයෝගී කර ගන්නා කෝඩයිට් පුපුරණ ද්‍ර‍ව්‍ය ග්‍රෑම්05 , අගල් 11 ක් දිග තහනම් පිහියක් ද අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.