
ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ අසුරුමුනි ආරච්චිගේ මේඛලා සදරේනු මහත්මිය ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක (සොලිසිටර්වරියක) ලෙස නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණ අග විනිසුරුවරයා ඉදිරියේ පසුගියදා දිව්රුම් දුන්නාය.
කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ මේඛලා සදරේනු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ කොලනල් ලයිට් පසලේ අධ්‍යාපනය හදාරා ඇති අතර ලන්ඩන් විශ්ව විද්‍යාලයේ නීති උපාධිය සමත් වීමෙන් පසුව ශ්‍රී ලංකා නීතී විද්‍යාලයට ඇතුලු විය. නීති විද්‍යාල විභාග සමත් වීමෙන් අනතුරුව සිය ආධුනික කාලය නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි මහත්මිය යටතේ කටයුතු කරමින් නිම කළාය .
අනතුරුව ඕස්ට්‍රේලියාවේ university of western sydney විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍ර පති විභාගය සමත්ව සොලිසිටර් වරියක ලෙස දිවුරුම් දුන්නාය.
මේඛලා සදරේනු මුදල් අමාත්‍යාංශයේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්‍ෂ ඡනරාල් සේපාලි රූපසිංහ මහත්මියගේ හා නීතිඥ ඒ.ඒ. තිලකරත්න මහතාගේ දියණිය වේ.


