මේ ආණ්ඩුව හාර ලක්ෂය ඇදුණු මුදලාලි වගේ


 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මේ ආණ්ඩුව අද හැසිරෙන්නේ හාර ලක්ෂය ඇදුණු මුදලාලි වගේ යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.

ලෝස් නැතිව වියදම් කරන අය වැයක් ඉදිරිපත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

ගම්මන්පිල මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ  විවාදයේදීය.