(විමුක්ති එස් රුද්‍රිගු)
එළඹෙන 9 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාද දෙකෙන් එක් විවාදයක මාතෘකාව වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම විවාදයට ගැනෙන බව බී.බී.සී පුවත් සේවය පෙන්වා දුන්නේය.

