මෙරට ධීවරයන්ට කොරියාවේ රැකියා


(රංජන් කස්තුරි)

කොරියාවේ ධීවර කේෂත්‍රයේ රැකියා 1047ක් මේ වසරේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඒ සඳහා වන කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන බව ද අමාත්‍යවරයා කියයි.

මනූෂනානායක්කර මහතා මානව සම්පත් දෙපාර්තමේන්තුව නිරීක්ෂණ කිරීමට ගිය අවස්ථවේ එම දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා මෙරටට කොරියානු ධීවර ක්ෂෙත්‍රයේ රැකියා දෙන බවට සහතික වී ඇති බව පැවැසීය..