(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්ත විරෝධතාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය දැඩි අවධානයක් යොමු කළේය. ලෝකයේ සෑම රටකම පාහේ ප්‍රධාන මාධ්‍ය ආයතන ඒ අතර විය.
ෆ්‍රාන්ස් 24 පුවත් සේවය, ශ්‍රී ලංකාවේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන් ජනාධිපති රාජපක්ෂගේ නිල නිවසට කඩා වදිති මාතෘකාව යටතේ විරෝධතාව ආවරණය කළේය.
දශක හතක් තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මාස ගණනාවක සිට මහජනතාවගේ සිතේ කෝපයක් හට ගැනීමෙන් පසු සෙනසුරාදා දින කොළඹට රැස්වූ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පොලිස් බාධක බිඳ දමමින් ජනාධිපති නිල නිවසට කඩා වැදුණු බව ෆ්‍රාන්ස් 24 පුවත් සේවය වාර්තා කළේය.
ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවසින් පලා යද්දී විරෝධතාකරුවෝ ඔහුගේ නිල නිවසට කඩා වදිති මාතෘකාව යටතේ විරෝධතාව ආවරණය කළේය.
ශ්‍රී ලංකා මාධ්‍ය උපුටා දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගමන් බෑග් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගජබාහු නෞකාවට රැගෙන ගොස් ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කළේය.
අල් ජසීරා පුවත් සේවය, ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් ශ්‍රී ලංකාවේ විරෝධතාකරුවන් ජනාධිපති නිල නිවසට කඩා වදිති යන මාතෘකාව යටතේ විරෝධතාව ආවරණය කළේය.
මෙම වසරේ ශ්‍රී ලංකාවේ පැවති විශාලතම ආණ්ඩු විරෝධී විරෝධතාවයේදී දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පොලිස් බාධක බිඳ දමමින් ජනාධිපති නිල නිවසට කඩා වැදුණු බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
රොයිටර්ස් පුවත් සේවය, ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටීමෙන් කෝපයට පත් විරෝධතාකරුවන් ජනාධිපති නිල නිවසට කඩා වදිති මාතෘකාව යටතේ විරෝධතාව ආවරණය කළේය.