
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් සිටි පරවියන් තොගයක් සමඟ දෙදෙනකු නාවික හමුදා විසින් අත් අඩංගුවට ගෙන ඉදිරි පරික්ෂණ සඳහා කන්දකුලිය වනජීවි කාර්යාලයට අද(9 ) භාර දී තිබේ.
මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට කල්පිටියට රැගෙන එමින් තිබු යාත්‍රාවක් නාවික හමුදාව විසින් අදාල යාත්‍රාවේ ක්‍රියාකරු සහ තවත් අයකු සමඟ අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදි එම යාත්‍රාවේ සඟවා තිබු පෙට්ටි තුළ පරවියන් 149 දෙනෙකු සොයාගැනීමට හැකිව තිබේ.
එසේ සොයාගත් පරවියන් ඉන්දියාවේ රාමේෂ්වරම් හෝ ආසන්න ස්ථානයක සිට මෙරට මුහුදු සිමාවට රැගෙන ඒමෙන් පසුව මුහුදේ මෙරට ධීවර යාත්‍රාවට ලබා දී ඇති බව කියයි.එලෙස රැගෙන එමින් තිබු පරවියන් තොගය නාවික හමුදාව මෙලෙස අත් අඩංගුවට ගෙන වනජීවි නිළධාරීන්ට භාර දී තිබුණි.
පරවි ජෝඩුවක් කල්පිටියට රැගෙන එමේන් පසු මෙම ජාවාරම පිටුපස සිටින ප්‍රධාන ජාවාරම්කරු විසින් එක් පරවි ජෝඩුවක් රුපියල් 50000 ත් 100000 ක් අතර මුදලකට අලෙවි කිරීමට සුදානමින් සිට ඇති බව තොරතුරු අනාවරණය වූ බව කියයි.


