මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්


(සුමිත් පොතුපිටිය )

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ තරමක දුම්රිය ප්‍රමාදයක් පවතින බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් කීය.

මග්ගොන සහ පයාගල අතර ප්‍රදේශයේ රේල් පීල්ලක දෝෂයක් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුව ඇති බව වාර්තාවේ. ඒ අනුව පයාගල පසුකර පැමිණෙන සියලු දුම්රියන් විනාඩි 10 - 15 ක පමණ ප්‍රමාදයක් පවතින බවද ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.