මුහුදු යන්නේ බලාගෙනයි


(ඩයනා උදයංගනී)

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම අනතුරු ඇඟවීම හෙට (19) පස්වරු 2.00 දක්වා වලංගු බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.  

එම මුහුදු ප්‍රදේවල පැයට කිලෝමීටර 50, 60 පමණ වේගවත් සුළං ඇතිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවුක කටයුතුවල යෙදෙන ජනතාව විමසිලිමත් විය යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.