මුහුදු ඛාදනයෙන් ඉලංතඩිය වෙරළ තීරය විනාශයට


(රෝවන් පෙරේරා) 


කාලයක පටන් සිදුවන මුහුදු ඛාදනය හේතුවෙන් කල්පිටිය නොරච්චෝල ඉලංතඩිය වෙරළ තීරය විනාශ වෙමින් පවතින බැවින් , තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව කල්පිටිය ධීවර සහ සංචාරක කර්මාන්තකරුවෝ පවසති.


මුහුදු ඛාදනය වැළැක්වීමට කලුගල් වැටි යෙදීම සඳහා මාස හයකට පමණ පෙර කලු ගල් ගෙනැවිත් දමා තිබුණද ඒවා වැටියක් ලෙස සකසා නොමැතිවීම නිසා මුහුදු ඛාදනය උග්‍ර වී ඇතැයි ධීවරයෝ කියති.


ඉලංතඩිය ධීවර තොටුපල සහ සංචාරක කර්මාන්තකරුවන් සංචාරක කටයුතු ස|හා  භාවිත කරන යාත්‍රා ගාල් කරන තොටුපල සම්පූර්ණයෙන් මුහුදු ඛාදානයට ලක්ව ඇති අතර නිවාස කිහිපයකට ද එම විනාශය අත්ව ඇත.
 
කලුගල් වැටිය යෙදීමට කඩිනමින් පිවයරක් නොගතහොත් ධීවරයන් දෙසීයකට පමණ භාවිතා කිරීමට තොටුපලක් නොමැතිවන බව ඔවුහු කියා සිටිති.