රොමේෂ් මධුෂංඛ
කිළිනොච්චියේ මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු බිම්බෝම්බයක් පිපිරීමෙන් තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවට පලෙයි පොලීසිය පවසයි.
උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මානූෂීය කටයුතුවල නිරතව සිටින ජාත්‍යන්තර සංවිධානයක් වන හලෝ ට්‍රස්ට් සංවිධානයේ සේවය කරන කාන්තාවන් දෙදෙනෙකු අවුරුදු සමය වෙනුවෙන් බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත ඔවුන්ගේ සේවක සේවිකාවන්ට නිවාඩු ලබාදී යළිත් බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව සේවිකාවන් දෙදෙනෙකු බිම්බෝම්බයකට හසුව තිබේ.
මෙසේ බිම් බෝම්බය පුපුරා යාමෙන් තුවාල ලබා ඇත්තේ යාපනය අරියාලෙයිහි පදිංචි එම්.මේනලතා 25 හැවිරිදි එක්දරු මවක් හා කිලිනොච්චිය පරන්තන්හි පදිංචි ජේ.මේනකා නැමති 26 හැවිරිදි කාන්තාවකි.
මේ දෙදෙනා එක් ස්ථානයක බිම්බෝම්බ සෙවීම සඳහා කැණීම් කටයුතු සිදු කරමින් සිටි අතරතුර පොළොව යට සැගවී තිබූ බිම්බෝම්බයක් හදිසියේම පුපුරා යාමෙන් ඔවුන් දෙදෙනාම තුවාල ලබා තිබේ.
ඒ අසල බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත තවත් තරුණයින් පිරිසක් මේ තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා අදාළ සංවිධානයට අයත් ගිලන් රථයක් මගින් යාපනය ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර කාන්තාවන් දෙදෙනාගේ තත්වය බරපතල නොවන බවට වාර්තා වෙයි.

