(රංජන් කස්තුරි)
ඇමැති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නැවත එම ධුර ලබාගැනීම පිළිබඳව හෙට (29) පෙරවරුවේ තීන්දුවක් ගැනීමට නියමිතය.
එම මන්ත්‍රීවරුන් හෙට (29) පෙරවරු 8ට කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි පිහිටි ඒ.එච්.එම්. ෆවුසි මන්ත්‍රීවරයාගේ නිලනිවසට රැස්වී එම තීන්දුව ගැනීමට නියමිත බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව බොහෝවිට එම මුස්ලිම් ඇමැතිවරුන් අද රාත්‍රියේ දිවුරුම් දීමට නියමිත බවද එම ආරංචි මාර්ග කියයි. මේ අතර මුස්ලිම් මන්ත්‍රීවරුන් අද (28) පස්වරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී නැවත ඇමැතිධුර බාරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

