මුස්ලිම් ඇමැතිවරු යළි දිවුරුම් දෙති


(රංජන් කස්තුරි)

මුස්ලිම් මන්ත්‍රීවරු හතරදෙනෙක් අද (29) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්හ.

රාවුෆ් හකීම් මහතා

නගර සැලසුම් , ජල සම්පාදන යන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්

රිෂාඩ් බදියුදීන් මහතා

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්,

අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්දන් මහතා

කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙසත්,

අබ්දුල්ලා මහරුෆ් මහතා

වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබීය.

මේ අතර බුද්ධික පතිරණ මහතා

කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)