මුලතිව් කුරුඳුමලේයි විහාරයේ ඉදිකිරීම් ඉවත්කරන්නැයි නියෝගයක්


(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංඛ)

මුලතිව්, කුරුදුමලෙයි විහාර සංකීර්ණයේ නව ඉදිකිරීම් ඉවත් කරන ලෙසත් නැවත අලුතින් ඉදිකිරීම් සිදු නොකරන ලෙසත්  කුරුදුමලෙයි විහාරාධිකාරි ගල්ගමුවේ සන්තබෝධි නාහිමියන් ඇතුළු පිරිසකට මුලිත්ව මහේස්ත්‍රාත්  ආර්.සරවනරාජා මහතා තහනම් නියෝගක් නිකුත් කළේය.

මුලතිව් කුරුදුමලෙයි ආදි ශිව අයියනර් කෝවිලේ පාලක සභාව සහ හිටපු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් මහතා විසින් ඓතිහාසික කුරුදුමලෙයි පුරාවිද්‍යා ස්ථානයේ නව ඉදිකිරීම් සිදු කොට බෞද්ධ ස්ථානයක් බවට පරිවර්ථනය කරන බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවට අදාල මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කළේය.

පුරාවිද්‍යා භූමියේ සිදුවන නව ඉදිකිරීම, නව ප්‍රතිමා හා පිළිම තැන්පත් කිරීම සිදු නොකරන ලෙසත් එවැනි ඉදිරකිරීම් ඉවත්කරන ලෙසත් මෙහිදි නියෝග කෙරිණි

කුරුදුමලෙයි පුරාවිද්‍යා භූමියේ නව ඉදිකිරීම් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්තාවක් ලබා දෙන ලෙසත් නියෝග කළ අතර හින්දු  ජනතාවට පුරාවිද්‍යා භූමියට ඇතුළු වී ආදි ශිව අයියනාර් කෝවිලේ පූජා පැවැත්වීමට ඉඩ ලබාදෙන ලෙසත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

හින්දු බැතිමතුන්  පූජාව පවත්වන අවස්ථාවේ පොලිස් ආරක්ෂාව සපයා දෙන ලෙසට ද නියෝග කෙරිණි.