
( නිශාන්ත කුමාර සහ ඩී කේ රත්න )
කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයින් කීප දෙනෙකුගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ලබා ගැනීම හා මෝටර් රථයක් මීලදීගෙන ගෙන ඒ සදහා රුපියල් ලක්ෂ 40ක් වටිනා අගුරු චෙක්පතක් ලබා දීම ඇතුලු වැරදි කීපයක් සම්බන්ධයෙන් පොලීසිය මග හරිමින් සිටි සිවුරුදැරූ පුද්ගලයෙකු අද (19) සැක පිට අත් අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
මොහු ප්‍රදේශයේ පුද්ගලයින් සිව් දෙනෙකුට කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් 9,8 30 ,000 මුදලක් වංචා සහගත ලෙස ලබා ගෙන ඇති අතර ලක්ෂ 40ක් වටිනා අගුරු චෙක්පතක් ලබා දී මෝටර් රථයක්ද මිලදී ගෙන ඇත.
සැකකරු අද (19) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

