මුදල් ඇමැතිගේ අයවැය කතාව නොවැම්බර් 5 වැනිදා


(සුජිත් හේවාජුලිගේ)

මුදල් ඇමැතිවරයාගේ අයවැය කතාව ලබන නොවැම්බර් මස 5 වැනිදා සිදු කෙරෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය ‘ලංකාදීප‘ යට අද (16) පැවැසීය.

සමහර දේශපාලන පක්ෂ අයවැය කතාව වෙනත් දිනයකට මාරු කරන්නැයි ඉල්ලීම් කළද අයවැය කතාව කරන දිනයේ වෙනසක් සිදු නොවන බවද වැඩබලන මහලේකම්වරිය කීවාය.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය ලබන මස 7 වැනිදා ආරම්භ වී 13 වැනිදා දක්වා දින හයක් පුරා පැවැත්වෙන බව කී රෝහණධීර මහත්මිය කාරක සභා විවාදය නොවැම්බර් 14 වැනිදායින් ආරම්භවී දින 19ක් පුරා පැවැත්වෙන බවද ප්‍රකාශ කළේය.

අයවැය තුන්වැනිවර කියැවීම හා ඡන්දය දෙසැම්බර් 8 වැනිදා පැවැත්වෙන බව වැඩබලන මහලේකම්වරිය පැවැසුවාය.

මේ අතර අයවැය කාලයේදී පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි.