
(විනීතා එම් ගමගේ)
මුතුරාජවෙල වගුරු බිමට බරපතල ලෙස හානි සිදුකළ ව්‍යාපෘති හඳුනාගෙන එම ව්‍යාපාර තහනම් කිරීමට කටයුතු කරන්නැයි පරිසර ඇමති මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ්‍යයේ නිලධාරින්ට අද (27) උපදෙස් දුන්නේය.
නීති විරෝධී අන්දමින් පවත්වාගෙන යන ඌරු කොටු අබලි උණුකොට තඹ යකඩ ඊයම් ඉවත් කර ගන්නා ව්‍යාපාර මෙන්ම ඇතුල්වීම තහනම් යැයි සඳහන් කරමින් කොටු කර ඇති ඉඩම් ද මේ අතර වන බව පරිසර අමාත්‍යංශය කියයි.
ඉකුත් 18 වැනිදා මුතුරාජවෙල කළ සංචාරයේ දී ඇතුල්වීම තහනම් යැයි සඳහන් කර තිබු ඉඩමකට තමන්ට ඇතුළු වීමට ගේට්ටුව ඇර දුන් පුද්ගලයෙකුට එරෙහිව පෞද්ගලික සමාගමක් පොලිසියට පැමිණිලි කර ඇතැයි අමාත්‍යංශ නිලධාරින් සමග පරිසර අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා පවසා තිබේ.
එසේ සහයෝගයෙන් තොරව කටයුතු කළ නොහැකි බවත් පරිසර අමාත්‍යවරයා වන තමන්ට මුතුරාජවෙල තෙත් බිමෙහි ඇතුල් විය නොහැකි තැනක් තිබිය නොහැකි බවත් අමාත්‍යවරයා පැවැසී යැයි ද එම අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඔක්තෝබර් 18 වැනිදා තමන් මුතුරාජවෙල කළ නිරික්ෂණයේ දී දුන් උපදෙස් අනුව කටයුතු කරමින් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන නිලධාරින්ගෙන් වාර්තාවක් ඉල්ලා සිටි නමුත් දින 9 ක් ගතවීත් මේ වනවනතුරු වාර්තාව ලබා නොදීම පිළිබඳව ද අමාත්‍යවරයා එහි දී විමසා සිටි බව කී එම නිලධාරියා අදාල වාර්තාව ඉක්මණින් ලබා දෙන ලෙස උපදෙස් දී ඇති බව ද කීය.
මේ සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පරිසර අමාත්‍යංශයට අයත් ආයතනවල නිලධාරින් ද සමග අද දිනයේ යලි සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු තවදුරටත් කියා සිටියේය.

