
(ජයන්ත සමරකෝන්)
මුඛ ආවරණ නොපැළඳ රාජකාරියෙහි නිරත වන සියලුම පෞද්ගලික බස් සේවකයන් වැටලීම ලබන 1 වැනිදා සිට ආරම්භ කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්ලිව්. ප්‍රසන්න සංජීව මහතා ලංකාදීපයට අද(27) පැවැසීය.
වැරදිකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව දඩ නියම කරන බව කී ඒ මහතා දැනට මේ පිළිබඳව පොලිසියට දැනුම් දී ඇතැයි ද සඳහන් කළේය.
කොරෝනා වසංගත තත්වය පැවතීම හේතුවෙන් බස් රථ සේවකයන් සඳහා පනවා තිබූ නීතිරීති මේ වනවිට ක්‍රියාත්මක නොවීමත්, ඒවා නැවත පණගැනීමත් සඳහා වැටලීම් අඛණ්ඩව සිදුකිරීමට නියමිත බවද, හෙතෙම සඳහන් කළේය.
බස්නාහිර පළාත තුළ පෞද්ගලික බස් රථ 4800ක් පමණ ධාවනයේ යෙදෙන අතර, ඒවායේ 10,000කට ආසන්න සේවක සංඛ්‍යාවක් රාජකාරියේ යෙදී සිටින බවද එම අධිකාරිය පවසයි.

