(පද්මසිරි ගාර්දියවසම් )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දෙසට දිවෙන මංතීරුවේ අගුණකොළපැලැස්ස පොලිස් බල ප්‍රදේශයෙ 178.5 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (12) මාර්ගය හරහා පැමිණි මී ගව රංචුවක් මෝටර් රියක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇතැයි පොලිසිය පැවසීය .
වාහන වල ගැටුණු මීගවයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර මෝටර් රියේ ගමන් කළ දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසීය .
මීගවයින් ගැටුණු මෝටර් රථයටද දැඩි අලාභහානි සිදුවී තිබේ . මීගවයින් මාර්ගයේ ගමන් ගත් බස් ර ථයක සහ ලොරි රථයක ගැටීමෙන් එම වාහන වලටද අලාභහානි සිදුවී තිබේ. මේ හේතුවෙන් පැයක පමණ කාලයක් මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණහිට තිබු බවද පොලීසිය කියයි.
මීගවයින් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත දැල් වැට කඩාගෙන මාර්ගයට පිවිසී ඇතැයි පොලිසිය කීවේය. ගව හිමිකරු අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට කැදවා තිබේ