මීගමුව-කටාන බල ප්‍රදේශවලට පැය 24 ක ජල කප්පාදුවක්


(ජයන්ත සමරකෝන්)

මීගමුව, බම්බුකුලිය ජල පිරිපහදුවේ අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (6) පෙරවරු 9.00 සිට අනිද්දා (7) පෙරවරු 9.00 දක්වා පැය 24 ක් මීගමුව හා කටාන පළාත් පාලන ආයතන බලප්‍රදේශ වල පෙදෙස් ගණනාවක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාද හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව මීගමුව, නගර සභා බල ප්‍රදේශයේ කොච්චිකඩේ, දූව, පිටිපන, දුන්ගල්පිටිය, බාසියාවත්ත, පමුණුගම ද, කටාන බල ප්‍රදේශයේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය කටුනායක ගුවන් හමුදා කඳවුර හා ගුවන්තොටුපළ පරිශ්‍රයට ජලය අත්හිටුවන බවද මණ්ඩලය කියයි.

මෙම කාලය තුළ ජල පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව සිය කණගාටුව පළකරන බවද මණ්ඩලය සඳහන් කරයි.