(අජන්ත කුමාර අගලකඩ)
යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පාර්ලිමේන්තුවේද අනුමැතිය ඇතිව ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් කිරීමට රජය තීරණය කර ඇත.
මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද (05) පැවැති කැබිනට් රැස්වීමේදී ඒ බව දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට පසුගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබුණු අතර එය ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද දැනුම් දී තිබිණි.
ඒ අනුව මෙම ගිවිසුම පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරණයෙන් පසුව එය අත්සන් කිරීමටත් රජය තීරණය කර තිබේ.

