(රෝෂන් තුෂාර)
දොම්පේ ප්‍රාදේශීය සභා බල සීමාවේ සංවර්ධනය කර විකුණන ඉඩම් සඳහා නියමිත ක්‍රියාදාමයෙන් තොරව පිඹුරුපත් අනුමත කරදීමෙන් රජයට රුපියල් තුන් ලක්ෂයකට අධික මුදලක් පාඩු සිදු කළේ යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , දොම්පෙ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් සජිත ජයතිලක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද නියෝග කළාය.
අල්ලස් කොමිසම මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ ඇප නියම කෙරිණි.
රුපියල් මිලියනයක ශරීර ඇපයක් සැකකරුට නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට බලපෑම් කිරීම හෝ ඇප කොන්දේසි කඩකිරීමක් සිදු කර ඇති බවට අනාවරණය වුවහොත් ඇප අවලංගු කර රක්ෂිතය බන්ධනාගාර ගත කරන බවට ද නියෝග කළාය.
සැකකරු මෙම පාඩුව 2013 වසරේ සිදු කර ඇති අතර 2020 වසරේ සිදු කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කරන බව අල්ලස් කොමිසම කරුණු ඉදිරිපත් කළේය.