මියගිය පෙදරේරුවාගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට 80,000ක් වැය වෙලා


(ජේ.ඒ.එල්. ජයසිංහ)

උඩදුම්බර මහවල උඩුවාහින්න ගම්මානයේ නිවෙසක මියගිය පෙදරේරුවකුගේ අධිකරණ වෛද්‍ය පරික්ෂණය සඳහා නිවැසියන්ට රුපියල් 80,000ක් වැය වීමේ පුවතක් වාර්තා වෙයි.

නිවස ආසන්නයේදී හදිසියේ මියගිය මෙම පෙදෙරේරුවාගේ සිරුර මල්ශාලාවක වාහනයකින්  උඩදුම්බර රෝහලට රැගෙන ගිය ද අධිකරණ වෛද්‍යවරයකු නොමැති නිසා යළි සිරුර  තෙල්දෙණිය මූලික රෝහලට රැගෙන ගොස් ඇත. එම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා  නිවාඩු ලබා සිටිම නිසා යළිත් උඩදුම්බර රෝහලට රැගෙන ඒමට සිදුවූ බව පවුලේ ඥාතීහු පවසති.

මෙම ගමන් වියදම් සඳහා රුපියල් 80,000ක් ගෙවීමට සිදුවූ අතර නිවෙසියන්ට එතෙරම් මුදලක් නොවුයෙන් ගම්වාසීන් විසින් එම මුදල එකතු කර දීමට කටයුතු කර ඇත.