
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (20) රාත්‍රී 9.50 වන විට තවත් ආසාදිතයන් 120 දෙනෙකු එක් වී තිබේ.
එම ආසාදිතයන් 120 දෙනා අතර ඇඟලුම්හල් කාර්යය මණ්ඩලයේ 37 දෙනෙක්ද, ආශ්‍රිතයන් 83 දෙනෙක්ද වෙති.
ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 180 ක් දක්වා ඉහළ ගිය අතර මේ දක්වා වාර්තා වී ඇති මිනුවන්ගොඩ පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2342 ක් දක්වා වැඩි විය.

