මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් 60ක්


මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද(20) පස්වරු 2.32 වන විට තවත් ආසාදිතයන් 60දෙනෙකු එක් වී තිබේ.

එම 60දෙනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට හඳුනාගෙන ඇත.

ඊයේ(19) පස්වරු 6.55 වනවිට මිනුවන්ගොඩ ආසාදිත පොකුරෙහි සමස්ත ගණන 2162කි. අද දිනයේදී හමු වූ පිරිස සමඟ එම පොකුරෙහි සමස්ත සංඛ්‍යාව 2222කි.