මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුරට තවත් 85ක්


 

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (25) දිනයේදී පස්වරු 9.30 වනවිට ආසාදිතයන් තවත් 85දෙනෙකු වාර්තා වී ඇත.

මෙම ආසාදිතයන් අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ කිසිවෙකු නැත. සියලු දෙනා ආශ්‍රිතයෝ වෙති.

ඒ අනුව, මේ වනවිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4398කි.

අද දිනයේදී පමණක් ආසාදිතයන් 348 දෙනෙකු හඳුනාගෙන ඇත.