මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුරට අද 164 ක්


 

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (02) පස්වරු 6.45 වනවිට ආසාදිතයන් 164 දෙනෙකු එකතු වී තිබේ.

අද හඳුනාගත් පිරිසෙන් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලද, 121 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයන් ද ලෙසිනි.

මේ දක්වා එම පොකුරෙහි වාර්තා වූ පිරිස 7568 ක් වන අතර අද අලුතින් හඳුනාගත් පිරිස සමඟ එම පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 7746 කි.