මිනිස් වෙළදාමේ යෙදෙන විදේශ රැකියා නියෝජිතායතන වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
චක්‍රලේඛ මගින් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර තවදුරටත් එම නීතියට පටහැනුව කටයුතු කරමින් මිනිස් වෙළදාමේ යෙදෙන විදේශ රැකියා නියෝජිත ආයතනයන්හී බලපත්‍ර අවලංගු කිරීමට ද කටයුතු කරන බවද කාර්යාංශය සඳහන් කරයි.
කාර්යාංශයේ ස්ථාපිත කර ඇති මිනිස් වෙළදාම මැඩලීමේ ඒකකයට 2018 වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා කාලය තුළ පැමිණිලි 29ක් ලැබී ඇති අතර, ඉන් 12ක් අපරාධ විමර්ශන ඒකකයට යොමුකර ඇති බවද සඳහන් කරන කාර්යාංශය තවත් පැමිණිලි 15කට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට යොමුකර ඇති බවත්, සමථ මණ්ඩලය වෙත පැමිණිලි 2ක් යොමුකර ඇති බවත් සඳහන් කළේය.
ලෙස විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලබා දුන් උපදෙස් අනුව මෙය ක්‍රියාවට නැංවේ.
වංචනික ලෙස අයතා ක්‍රම භාවිතා කරමින් විදේශ රැකියා සඳහා යොමු කර ශ්‍රමය සූරාකෑම" ලිංගික සූරාකෑම හෝ අවයව ලබා ගැනීම සිදු කරයි නම් එය මිනිස් වෙළඳාම යටතට ගැනෙන ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 360 (ඇ) වගන්තියට අනුව බරපතල දඩුවම් ලැබිය හැකි වරදක් බවද කාර්යාංශය පවසයි.
(36698)

