(නිමල් ජයරත්න)
මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී වනජීවි නිලධාරීයකුට පහරදී රාජකාරියට බාධා කළ මේජර් ජෙනරාල් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව සමස්ත ලංකා වනජීවි නියාමක සංගමයේ ලේකම් ඒ.පී.එස්. විදාන ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
වනජීවි නිලධාරියාට කළ මෙම නිර්ලජ්ජා ක්‍රියාව තරයේ හෙළා දකින බවත් වනජීවි දෙපාර්තමේන්තුවටම කළ අපහාසයක් බව ද එම නිවේදනයේ සඳහන් වේ.

