මිදිගමදී මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි


(යොහාන් භාසුර)

බෙලිඅත්ත සිට මහව හංදිය බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියට මිදිගම දුම්රිය හරස් මාර්ගයේදී කාර් රථයක් ගැටී රථයේ සිටි දේශීය මඟ පෙන්වන්නා සහ විදේශීය සංචාරකයෙක් රෝහල් ගත කළ බව පොලිසිය පැවසීය.

අද පෙරවරු 11.00 ට පමණ මෝටර් රථයක් ගැටී ඇති බවත් එම අනතුර සිදුවන අවස්ථාව වන විට මෝටර් රථය තුළ විදේශීය සංචාරකයන් දෙදෙනෙක් ගන කර ඇති බව කී පොලිසිය දුම්රිය සඳහා ඉදිරියට යාම සඳහා සංඥා ලබාදී දුම්රිය හරස් මාර්ගයේ බෙල් ඇන්ට් ලයිට් සංඥ ක්‍රියාත්මකව තිබියදී මෙම මෝටර් රථය අනාරක්ෂිත ලෙස ධාවනය කර ඇතැයි මූලික පරීක්‍ෂණයේදී අනාවරණ වූ බවත් පොලිසිය කීය.