
(අංජුල මහික වීරරත්න)
යෝජිත ශ්‍රී ලංකා මැලේසියා නිදහස් වෙළඳ ගිවිසුම සඳහා ඉදිරි සාකච්ඡා ඇරඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය නැවත ලබා ගැනීම සඳහා අපනයනය ඉලක්ක කරගත් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අපනයන විවිධාංගිකරණය කිරීමේ සහ භාණ්ඩ හා සේවා සඳහා වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමේ වැදගත්කම හඳුනාගෙන ලැබ ඇතැයි රජය කියයි.
මේ සඳහා ශ්‍රී ලංකාව විසින් ශක්තිමත් හා උපාය මාර්ගික ආර්ථිකයන්ගෙන් හෙබි රටවල් සමග ආර්ථික ඒකාබද්ධතාවය වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය බවද රජය කියයි.
ආසියාන් සංවිධානයේ හා කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වයෙහි ප්‍රධාන සාමාජිකයකු වන මැලේසියාව ශ්‍රී ලංකාවේ 34 වන අපනයන ගමනාන්තය වන අතර 2013 වර්ෂයේදී එරට සිදු කරනු ලැබ ඇති සමස්ත අපනයනයන්හි වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන 58.3කි.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් ඒ සඳහා වන සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

