මැල්සිරිපුර රාජ්‍ය බැංකුවක් වහයි


( පුෂ්පකුමාර ජයරත්න )

කළමණාකරු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මැල්සිරිපුර නගරයේ පවත්වාගෙන යන ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

මෙම බැංකු ශාඛාවද සමඟ මෙම බැංකුවට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන තවත් බැංකු ශාඛා හතක් මේවනවිටකොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබේ.

මීට අමතරව කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් කුරුණෑගල නගරයේ පවත්වාගෙන යන රජයට සම්බන්ධ තවත් මූල්‍ය ආයතනයක්ද මේ වනවිට වසා දමා තිබේ.