මැයි නවය සිද්ධියට 3215ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මැයි නම වෙනි දින දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩකාරී හා කලහාකාරී ක්‍රියාවන්ට සම්බන්ධ වාර්තා වූ සිදුවීම්වලට අදාළව සැකකරුවන් 3215 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

සිදුවීම් 858 ක් වාර්තා වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

එම සැකකරුවන්ගෙන් 1176 කු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.