මැදිරිගිරිය ඇඟලුම් හලෙන් කොරෝනා 124


(චාපා මධුභාෂිණි)

මැදිරිගිරිය ඇගලුම් කම්හලේ මේවන විට රෝගීන් 124 හදුනාගෙන ඇති බව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

මෙම ඇගලුම් ආයතනයේ සිදුකළ පරික්ෂනයකදී රෝගීන් 4 වාර්ථා වීමත් සමග සැක සහිත රෝග ලකෂණ පෙන්නුම් කළ සේවිකාවන් 50 සදහා සිදු කළ රැපිඩ් ඇනිටිජන් පරික්ෂණයකින් 19 සහ තවත් 7 ඇතුළුව රෝගීන් 26 වාර්තා වී ඇත.

ඊට දින ගණනාවකට පසුව සිදු කළ තවත් පරික්ෂණවදී රෝගීන් තවත් විශාල පිරිසක් හදුනාගෙන ඇත. ඒ් අනුව මේ වන විට සමස්ත රෝගීන් සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රීක් සේෟඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල ආරංචි මාර්ග කියයි.